චීන-ලතින් ඇමරිකා සහයෝගීතා ශක්තිමත් කරමින් බෙයිජිංහිදී විශේෂ සමුළුවක්!

Date:

කොළඹ LNW:චීන-ලතින් ඇමරිකා සහ කැරිබියන් රාජ්‍යයන්හි ප්‍රජා (CELAC) සංසදයේ සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුව අද (13) පෙරවරුවේ චීනයේ බෙයිජිංහිදී ආරම්භ වුණා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවේ සමාරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළා. වෙනස්වීම් සහිත වර්තමාන ලෝකයේ විවිධ අවදානම් මතු ව ඇති බවත්, එබැවින් ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කරමින් ගෝලීය සමෘද්ධිය ප්‍රවර්ධනය කළ හැක්කේ සමගිය හා සහයෝගය මගින් පමණක් බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සෑමවිටම ලතින් ඇමරිකාවේ හා කැරිබියන් රාජ්‍යයන් හි හොඳ මිත්‍රයෙකු හා හොඳ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බව ද එහිදී ෂී ජින් පිං මහතා සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...