ඩෙංගු හා චිකුන් ගුන්යා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්!

Date:

රෂිකා හෙන්නායක

මේ වන විට ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 38ක් හඳුනා ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මැයි මාසයේ මේ දක්වා රෝගීන් 2,200ක් හඳුනාගෙන ඇති බව, එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, වාර්තාවන රෝගීන්ගෙන් 47% ක් ම බස්නාහිර පළාතෙන් බව ඔහු ප්‍රකාශ කළ අතර, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,000ක් පමණ හඳුනා ගෙන ඇති බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඩෙංගු හා චිකුන් ගුන්යා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් ඇති බවද, ඔහු සඳහන් කළේය.

මෙම රෝග දෙකේම වාහකයා එකම මදුරුවෙක් වන බැවින් , ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා ලබන 19 වැනිදා සිට 24 වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වෛද්‍ය සදත් සමරවීර මහතා පවසයි. දිස්ත්‍රික්ක 15ක එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...