රාජ කුමාරිගේ මරණය ගැන අධිකරණයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක මැයි 15, කොළඹ LNW :

2023 වසරේ වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ලැබූ මෙහෙකාර සේවයේ නියුතු ආර්. රාජ කුමාරි නමැති කාන්තාවකට පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහිව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළ බව වාර්තා වේ.

මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ වන අතර,   ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස 21 වන දක්වා කැඳවීමට නියම කළ බව පැවසේ.

වැලිකඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...