රාජ කුමාරිගේ මරණය ගැන අධිකරණයෙන් තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 15, කොළඹ LNW :

2023 වසරේ වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ලැබූ මෙහෙකාර සේවයේ නියුතු ආර්. රාජ කුමාරි නමැති කාන්තාවකට පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහිව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළ බව වාර්තා වේ.

මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ වන අතර,   ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස 21 වන දක්වා කැඳවීමට නියම කළ බව පැවසේ.

වැලිකඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...