ඉන්දියාවේ එක්සිම් බැංකුව සහ රජය අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතා!

0
160

රෂිකා හෙන්නායක මැයි 15, කොළඹ LNW :

ණය පහසුකම සහ මිලදී ගැනීමේ ණය පහසුකම් සදහා , ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ එක්සිම් බැංකුව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාලව ද්විපාර්ශවික සංශෝධිත එකතාවලට එළැඹ තිබේ.

මෙම ණය සංශෝධන ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ වැදගත් පියවරක් ලෙස සැලකෙන බව , මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව පෙන්වා දේ.

මෙම ද්විපාර්ශවික සංශෝධිත ගිවිසුම් අත්සන් කර ඇත්තේ මාර්තු 25 සහ අප්‍රේල් 03 යන දිනවලදී යි.

ඒ හරහා ඉන්දියානු රජය සමග අමෙරිකානු ඩොලර් මිලියන 930.8 ක් පමණ වූ ණය පහසුකම් 8කට සහ මිලදී ගැනීමේ ණය පහසුකම් 4කට අදාල ගිවිසුම් ප්‍රතිව්‍යුහගත කර ඇති බව සඳහන් වේ.