අමාරි හෝටලයේ සාකච්ඡාවට සජබ සහ පොහොට්ටු ලේකම්වරුන් නොයයි. හේතුව වජිර ?

ඊයේ දිනයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී පැවැත්වූ සාකච්ඡාවේදී යෝජනා වූ අන්දමට අද (15) කොළඹ අමාරි හෝටලයේ පැවති විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවට සමගි ජන බලවේගයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරුන් සහභාගී වී නොමැත.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට නොහැකි ප්‍රාදේශීය සභා, නගරසභාවල විපක්ෂය එකතුවී බලය පිහිටුවන ආකාරය මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි.

සජබ සහ පොහොට්ටුව මීට සහභාගී නොවීමට මූලික හේතුව වී ඇත්තේ ඊයේ පැවති සාකච්ඡාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන නිකුත් කර තිබුණු නිවේදනය බව ආරංචිමාර්ග පැවසීය.

සන්ධානයක් පිහිටුවන බවක් දක්වමින් වජිර අබේවර්ධන එම නිවේදනය ඔහුට අවශ්‍ය ආකාරයට සකසා නිකුත් කර තිබුණු අතර එම නිවේදනය නිසා මතුවූ අප්‍රසාදය හේතුවෙන් සජබ සහ පොහොට්ටුව මෙම සාකච්ඡාවට නොපැමිණ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...