විපක්ෂය ගේමක් ගහලා සභා පිහිටෙව්වොත් ඒවාට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නෑ – ඇමති බිමල්

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂය කවර ආකාරයෙන් හෝ එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවුවහොත් එම ආයතනවලට ආණ්ඩුවෙන් මුදල් ලබා නොදෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

“එහෙම පළවෙනියා වෙන්න බැරි බව ශුද්ධ වූ පාප් වහන්සේගේ තේරීමෙනුත් ඔප්පු වුණා. විපක්ෂය මොනවාහරි ගේමක් ගහලා සභාවක් පිහිටුවන්න බලනවා නම් අපිට පිස්සු නෑනෙ මේ රටත් කාලා, ගමත් කාපු මේ දේශපාලුවන්ට රටේ සල්ලි දෙන්න අමතරව ? එහෙම කරන්නෙ නෑ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඒ පක්ෂ වගකීම ගන්න ඕනෙ ?

“අනිවාර්යයෙන්ම වගකීම ගන්න ඕනෙ. මේ මුඩුක්කු කොච්චර තියෙනවාද මේ නගරයේ ? ඩෙංගුවලින් කොච්චර මැරෙනවාද ? මේ නගරයේ මං හිතන්නෙ මීයෝ විතරක් ඉන්නවා මිලියන් දෙකක් විතර. හැම හොඳ දෙයම විනාශ කරපු ආණ්ඩුවක් මේ පොහොට්ටුව කියන්නෙ. මහ ලොකු දේශපාලන නෙවෙයි, ක්‍රීඩාවෙ හරි කුමන හෝ හොඳක් තිබුණා නම් ඒ සියල්ල විනාශ කරපු ආණ්ඩුවක් පොහොට්ටුව කියන්නෙ. ඒකෙ හිටපු ප්‍රධාන පෙළේ ජාතිවාදී නායකයෙක් තමයි ගම්මන්පිල කියන්නෙ. හකීම් මහත්තයා දැන් අදහන්නෙ ගම්මන්පිලද නැත්නම් නබිතුමාද ? රවුෆ් හකීම් මහත්තයා පැරදිච්ච සජබ අස්සෙ එල්ලුණාට එතුමාගෙ පත්වුණු මන්ත්‍රීලා සමහරවිට ජාතික ජන බලවේගයත් එක්ක යන්න තීන්දු කරලා ඇති. ඒක හින්දා තමයි එතුමා දැන් කියන්නෙ පෙරළුණු පිට හොඳයි කියලා”

බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 15) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:වරදකරුවන් වූ පාස්කු චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...