කොටහේන දැරියගේ මරණය : සැකකාර ගුරුවරයා තවමත් මහජන මුදලින් පඩි ලබමින් ගෙදර ඉන්නේ – ස්ටාලින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොටහේන ප්‍රදේශයේ පදිංචි දැරියක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධියට අදාළ පාසල් ගුරුවරයා තවමත් මහජන බදු මුදලින් වැටුප් ලබමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.

“පාසලේ දරුණු හිංසනයකට ලක්වෙලා සියදිවි හානිකරගත්ත අම්සිකා දැරියගේ මරණ පරීක්ෂණය තමයි අද සිදුවුණේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ. මේකෙදී අද දවසේ අම්මාගෙන් සහ නිවාස සංකීර්ණයේ හිමිකරුවාගෙන් අවශ්‍ය සාක්ෂි සටහන් කරගෙන ළඟ දිනයක් ලබාදුන්නා මේකෙ තියෙන අත්‍යාවශ්‍යතාවය සලකලා මැයි 22 වෙනිදාට. මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තොත් පැහැදිලිවම අද දවසේ මේ දැරියගේ මව පැහැදිලිවම ප්‍රකාශ කරපු කාරණාව තමයි මෙම සිද්ධියට පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කළේ අධිකරණ වෛද්‍යවරයා කියන එක. මොකද අපි දන්නවා දැන් සමහර අය විවිධ ප්‍රචාර කරමින් යනවා මේ සම්බන්ධයෙන්. අධිකරණ වෛද්‍යවරයාත් වෛද්‍යවරු ගණනාවක් විසිනුත් තහවුරු කරපු සිදුවීමක් හැටියට තමයි අද දවසේ ප්‍රකාශ වුණේ. අපි දන්නවා මේ වෙනකොටත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ ආරම්භ කරලා නෑ. තවමත් අපි දන්නවා ඒ ගුරුවරයා ඉන්නේ වැටුප් සහිත නිවාඩු. ඒ කියන්නෙ ඔහු අනිවාර්ය නිවාඩු යවලා තියෙන්නෙ. අනිවාර්ය නිවාඩු කියන්නෙ පඩි සහිත. පඩි හම්බෙනවා, ගෙදර ඉන්නවා. තවමත් කිසිම ක්‍රියාමාර්ගයක් නෑ.

ඒ වගේම අපි දන්නවා සමහර කණ්ඩායම් විවිධාකාර වට්ස් ඇප් සමූහ හදාගෙන විවිධ ප්‍රකාශ කරමින් යනවා. ඉතින් ඇත්තටම මේ දැරියට යුක්තිය ඉටුවෙන්න ඕනෙ. පහුගිය දවස්වල ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු සංවිධාන විවිධ කතා කිව්වා, දැන් තමයි පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නෙ. අපි දන්නවා දැරිය මියගියාට පස්සෙත් ඒ ගුරුවරයා තවමත් මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් ඉන්නවා. අපි කියන්නේ මේ වගේ සිද්ධි ඉදිරියේදී ඇති නොවිය යුතුයි. පාසල් පද්ධතිය දරුවන්ට ආරක්ෂිත ස්ථානයක් බවට පත්කර ගත යුතුයි. මේ උපකාරක පන්ති හිමිකරුවා තවමත් ප්‍රශ්නයක් නැතිව ඉන්නෙ. ඔහු විසින් මේ දැරිය නැගිට්ටවලා කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න තිබෙනවා. ඒ සම්බන්ධයෙනුත් යම් යම් ක්‍රියාමාර්ග විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා”

ජෝෂප් ස්ටාලින් මහතා මේ බව පැවසුවේ ඊයේ (මැයි 15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...