පාසල්වල අනිසි අයුරින් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රතිචාර!

0
1536

රෂිකා හෙන්නායක මැයි 16, කොළඹ LNW :

පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් පවතින චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන බව වාර්තා වේ. 

මෙලෙස පාසල්වල අනිසි අයුරින් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

ඒ අනුව චෝදනා එල්ල වී ඇති පාසල් වෙත විමර්ශන කණ්ඩායම් යොමු කිරීමටද පියවර ගෙන ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, කිසියම් පාසලක අනිසි අයුරින් මුදල් එකතු කිරීම සිදු වන්නේ නම් කලාප කාර්යාල හෝ අධ්‍යාපන අමාත්‍යංශ වෙත අදාළ පැමිණිලි යොමු කරන ලෙසයි.