පාසල්වල අනිසි අයුරින් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රතිචාර!

රෂිකා හෙන්නායක මැයි 16, කොළඹ LNW :

පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් පවතින චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන බව වාර්තා වේ. 

මෙලෙස පාසල්වල අනිසි අයුරින් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

ඒ අනුව චෝදනා එල්ල වී ඇති පාසල් වෙත විමර්ශන කණ්ඩායම් යොමු කිරීමටද පියවර ගෙන ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, කිසියම් පාසලක අනිසි අයුරින් මුදල් එකතු කිරීම සිදු වන්නේ නම් කලාප කාර්යාල හෝ අධ්‍යාපන අමාත්‍යංශ වෙත අදාළ පැමිණිලි යොමු කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...