ආණ්ඩුවට කරගන්න බැරි දේ සමඟිය පළාත් පාලන ආයතන හරහා කර පෙන්වනවා – සජිත්

Date:

කොළඹ LNW:විපක්ෂයට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කර බලය පිහිටුවීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සමගි ජන බලවේගය විසින් ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

විපක්ෂයට බලය ගියහොත් උපරිම තිබෙන්නේ මාස 3යි 4යි යනුවෙන් කටකතා පතුරවා, ප්‍රචාරය කර විපක්ෂය අඩපණ කළ නොහැකි බවත් මේ රජය දැන් විපක්ෂය විනාශ කිරීමට නොයෙකුත් උපක්‍රම යොදන බවත් ඒවාට සමගි ජන බලවේගය හසු නොවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පවතින ඡන්ද ක්‍රමය තුළ ජනතාව ලබා දුන් ඡන්දය අනුව විපක්ෂයට ද බලය පිහිටුවන්න අයිතියක් ඇති හෙයින් ලුණු ටිකවත් හරියට සපයා දීමට නොහැකි ආණ්ඩුවේ තර්ජනවලට සමගි ජන බලවේගය බිය නොවන බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ.

ආණ්ඩුවට කිරීමට බැරි දේ සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන හරහා සිදු කර ජන දුක නිවාලීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

වත්මන් රජය කතාවෙන්,කයිවාරුවෙන් පමණක් නොව බොරුවෙන්, මුසාවෙන්, මුලාවෙන් ජනතාව රැවැට්ටුවත් සත්‍යයෙන්, ප්‍රායෝගික යථාර්ථයෙන්, සංවර්ධනයෙන් ජනතාවට ශක්තියක් වීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවයි ඔහු තවදුරටත් අවධාරණය කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ ගමින් ගමට නගරයෙන් නගරයට වැඩසටහන යටතේ කොළඹ මල්ලිකාරම නිවාස සංකීර්ණයේ ජනතාව සමග පැවැති ජන හමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...