මිහිරාන්ගේ මිහිරි ජයත් සමඟ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ තුනක්

නිශ්මං රණසිංහ මැයි 17, කොළඹ LNW:

අවුරුදු 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලංකාව කැපී පෙණුන දස්කම් දැක් වූ දවසක් බවට මැයි 16 වන දින පත් වුණා.විශේෂයෙන් බොක්සිං ලෝකයේම අවධානයට පාත්‍රව සිටින උමයංග මිහිරාන් නැවත වරක් තමන්ගේ හැකියාව විඳහා පෙන්වමින් රටට ඔහු කෙතරම් වටින ක්‍රීඩකයෙක් ද යන්න සනාත කෙරූ දවසක් වුණා.


කිලෝ ග්‍රෑම් 51 බර පංතියෙන් තරග වැදුණ උමයංග,එර්ගෙසෙව් බෙක්ෂාට් 4-0 ක විනිසුරු තීරණ මත පරාජය කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රාහී දිනයක් උදා කර දුන්නා.ගතවන තත්පරයේ ලෝකයට වඩාත් ආසන්න ක්‍රීඩකයා ලෙස කැපී පෙණෙන දක්ෂතා දක්වන මිහිරාන්ගේ මිහිරි ජයෙන් ඉනික්බිති කිලෝ ග්‍රෑම් 54 බර පංතියේ තරගයකදී මැලේසියාවේ වාහිඩි මොහොමඩ් රිෂාල්ට 3 -1 ක් ලෙස පරාජය අත් කර දුන් ශ්‍රී ලංකාවේ අශේන් ශෙහාර මැයි 16 වන දිනයට අයත් වන දෙවන ජයග්‍රහණය ශ්‍රී ලංකාවට දිනා දෙනු ලැබුවා.
කිලෝ ග්‍රෑම් 60 බර පංතියෙන් තරගයට ඉදිරිපත් වූ දේශාන් ජයසුන්දර ප්‍රංශ කොලනියක් ලෙස ගැනෙන පොලනීසියාව නියෝජනය කළ පවුලට් ඔසියර් 5-0 ක් ලෙස පරාජය කරමින් ඉදරියට යන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...