තුසිත හල්ලොලුවට වෙඩිතැබීම ගැන විමර්ශන CCDයට

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතීඥවරයා වන දිනේෂ් දොඩංගොඩ මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.

තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතීඥවරයා ඊයේ (17) රාත්‍රියේ නාරාහේන්පිට, වටරවුම් පාර ප්‍රදේශයෙන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එම මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබිණි.

එහිදී යතුරුපැදිකරුවන් දෙදෙනා අහසට වෙඩිතබා මෝටර් රථය නවත්වාගෙන ඇති අතර මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ වනවිට මෝටර් රථය තුළ තුසිත හල්ලොලුව මහතා, ඔහුගේ නීතීඥවරයා සහ රියදුරා සිට ඇති අතර වෙඩික්කරුවන් ඔවුන්ට පහරදීමක් ද සිදුකර මෝටර් රථයේ තිබූ ලිපි ගොනුවක් ද රැගෙන පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

පහරකෑමෙන් තුවාල ලැබූ තුසිත හල්ඔලුව මහතා සහ ඔහුගේ නීතීඥවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ලාල්කාන්තට චෝදනාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්...

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...