ප්‍රාදේශීය මට්ටමින් ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීම සාර්ථකයි – ජනාධිපති ලේකම්

Date:

රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සාර්ථක බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසා සිටී.

ජනාධිපති ලේකම්වරයා මේ බව පවසා ඇත්තේ ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පුහුණු වැඩමුළුවකට සහභාගී වෙමිනි.

එය ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පවත්වා තිබෙන බව පැවසේ. ජනාධිපති අරමුදලේ ප්‍රධාන අරමුණ සහ පරමාර්ථය වන්නේ අතිශය අසරණ අයට සේවයක් ලබා දීම බවත්, මේ වන විට ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අරමුදලේ සේවාවන් ව්‍යාප්ත කිරීම නිසා වැඩි පිරිසකට පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට හැකි වී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එහිදී පවසා ඇත.


 

එම සේවාවේ වටිනාකම සියලු රාජ්‍ය නිලධාරින් තේරුම් ගෙන ඇතැයි විශ්වාස කරන බව පැවසූ ජනාධිපති ලේකම්වරයා, ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවද පවසා ඇත. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...