කොළඹ බලය අල්ලන්ද ඕනේ? එහෙනම් මෙහෙම කරන්න

Date:

කොළඹ LNW:ආණ්ඩුවට එරෙහි පොදු විපක්ෂයට විපක්ෂයේ සියලු බලවේග එකට ඒකරාශී විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

කොළඹ මහා නගර සභාවේ බලය පිහිටු වීමට විපක්ෂයේ සියලු බලවේග එකට එක්ව තිරය පිටුපස සිට ක්‍රියා කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කොළඹට ලැබුණු ප්‍රතිඵලය අනුව පොදු විපක්ෂයක් ලෙස ක්‍රියා කළ යුතුව ඇති බව රවී කරුණානායක මහතා පවසයි.

”යම් අය සද්ද කරගෙන ගිහිල්ලා ඔලුව බිම ගහගන්නවා. හරි වෙලාවට පොදු පක්ෂයක් එකතු වෙලා හරි තැනට ඒවි. කොළඹට ලැබුණු ප්‍රතිඵලය අනුව පොදු විපක්ෂයක් හැටියට කටයුතු කළ යුතුයි. මෙතරම් මන්ත්‍රීවරු රටට ඔරොත්තු දෙන්නේ නෑ. මේ ක්‍රමයවැරදියි රටක් ඉදිරියට ගෙනියන්න සුරංගනා කතා නොකියා රට ඉදිරියට නිදියන්නේ කොහොමද කියලා වැඩ කටයුතු කළ යුතුයි. IMF එක කියන විදියට කරන්න ඕන නෑ අපිට පුළුවන් විදියට කරල පෙන්නුවාම ඇති.රටින් ලුණු ගෙන්වන්න අවශ්‍ය නෑ. ලුණු වලට ස්ථාවර මිලක් නියම කළ යුතුයි. වාහන ගෙන්වීම කළ යුත්තේ ද ජනතාව රැක ගැනීම සඳහායි. රටේ දැවෙන ප්‍රශ්නයක් ජනතාවගේ නිවාස ගැටලුව ගැන මම පාර්ලිමේන්තුවේ කතා කරා. නිවාස ලබා ගන්න ක්‍රමයක් යෝජනා කළා.ආණ්ඩුවත් ඒක පිළිගත්තා. අද පොළී අනුපාතය වැඩි වෙලා තියෙනවා බිලියන 3000ක් මේ පොලී අනුපාතයත් එක්ක රට ගෙනියන්න අමාරුයි.අඩු පොලී අනුපාතයක් සමඟ රට ගෙනියන්න ඕන. පකිස්ථානයට ණය දෙන්න පුළුවන් නම් අපේ රටේ ආයෝජනය වැඩි කර ගන්න උදව් කරන්නේ නැත්තේ ඇයි..? දැනට රටවල් දාහතක් සමග කතා කරලා බදු බදුපාතය අඩු කර ගෙන තිබෙනවා. අපිත් ඇමරිකාව සමග කතා කළ යුතුයි අපි අපේ අපනයනය ආරක්ෂා කරගත යුතුයි.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...