පළාත් පාලන බලය:ප්‍රතිවාදීන් මුහුණට මුහුණ හමු වී ප්‍රතිපත්ති ගැන අදත් සාකච්ජාවක!

Date:

කොළඹ LNW:2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට බහුතරයක් ලැබී ඇති සභාවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද (19) දිනයේදී සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

එම සාකච්ජාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව ඇති අතර එජාපය නියෝජයනය කරමින් මහ ලේකම් තලතා අතුකෝරළ,සාගල රත්නායක,වජිර අබේවර්ධන සහ රුවන් විජේවර්ධන එක්ව තිබේ.

සමඟි ජන බලවේගය වෙනුවෙන් මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,ලක්ෂමන් කිරිඇල්ල සහ මුජිබර් රහුමාන් යන අය එක්ව ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මතුවන ප්‍රතිපත්තිමය කාරානා සම්බන්ධයෙන් අද සාකච්ජා කා ඇති අතර විපක්ෂයේ සෙසු කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කිරීමට ගැනද එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...