මොනිෂාන් පැයට කිලෝ මීටර් 134 සටහන් කරයි

Date:

නිශ්මං රණසිංහ මැයි 19, කොළඹ LNW:


මාතලේ දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා සිදු කරන ලද දක්ෂතා ගවේෂණ වැඩසටහනේදී පැයට කිලෝ මීටර් 134 ක වේගයකින් යුතු පන්දු යවන්නකු සොයා ගැනීමට හැකි වි ඇත. තිරුග්නම් මොනිෂාන් නම් වූ ඔහු මෙන්ම ඔහු ඇතුළුව පන්දු යවන්නන් පස් දෙනෙකු සිටියේ පැයට කිලෝ මීටර් 115 ට වඩා වේගයෙන් පන්දු යැවීමේ හැකියාවෙන් යුක්තවය.


23 හැවිරිදි මොනිෂාන් මෙන්ම ෂංඝමිත්තා බාලිකාවෙන් පැමිණ සිිටි විරානි රජපක්ෂ ද පැයට කිලෝ මීටර් 97 ක් වේගයකින් පන්දු යවමින් විවෘත අංශයෙන් දක්ෂතා දක්වමින් ජාතික වැඩ පිළිවෙළේ ඉදිරි සංවර්ධන කටයුතුවලට දායක කර ගැනීමට තීරණය විය.මොනිෂාන් විසින් ගවේෂණය සිඳු කළ දින යවන ලද පන්දු 12 ක් අතරින් පන්දු 10 ක් ම පැයට කිලෝ මීටර් 120 සීමාවෙන් එපිටට තබන්නට සමත්වීම කැපී පෙණින.
පාසල් අතරින් වේගවත්ම පන්දු යවන්නන් අතර අනුරාධපුර ඉසිපතන විදුහලෙන් පැමිණ සිටි මහීෂ් පැයට කිලෝ මීටර් 119 ක් වේගයක් පෙන්වමීන් කැපී පෙණින.වේගවත්ම පන්දු යවන්නිය ලෙස පාසල් ක්‍රීඩිකාන් අතරින් කැපී පෙණුනේ කැබිතිගොල්ලාව හේමමාලි විද්‍යාලයේ සමින්දි දශිකලා ය.ඇය පැයට කිලෝ මීටර් 101 ක වේගයකින් පන්දු යැව්වාය.


එසේ තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළාත් සඳහා අනුයුක්ත කර ඇති පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම වැඩිදුරටත් පුහුණුව ලබන අතර, එහිදී වැඩි වශයෙන්ම එම වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා තවදුරටත් මුවහත් කර මින් සහ ඔවුන්ගේ සමස්ථ කාර්යය සාධනය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. මේ අතරින් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් අඛණ්ඩ දියුණුවක් පෙන්නුම් කරනු ලබන ක්‍රීඩකයින් හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දියත් කර ඇති ජාතික ක්‍රිකට් ගමන් මඟ යටතේ වන දිස්ත්‍රික්වල පිහිටුවා ඇති දිස්ත්‍රික් සංචිතවලට සම්බන්ධවීමට අවස්ථාව උදාවනු ඇත.


මෙම වැඩසටහනද ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන ග්‍රාමීය ප්‍රදේශවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සොයා යෑම වෙනුවෙන් දියත් කර ඇති ‘ක්‍රිකට් ගමට‘ වැඩසටහනේ කොටසකි. මෙම වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ගවේෂණ වැඩසටහන උතුරු මැද සහ වයඹ පළාත්වල දක්ෂතා ඇගැයීම් වෙනුවෙන් පත් කළ ඇති ලසන්ත ලක්මින්, උතුරු මැද පළාත් කාන්තා පුහුණුකරු ලක්ෂිත හේරත් සහ උතුරු මැද පළාත් වේග පන්දු පුහුණුකරු සමන් සේනානායක යන මහත්වරුන් විසින් සිදු කරන ලදී.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මඟ පෙන්වීම යටතේ උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන දඹුල්ලෙහි පිහිටුවා තිබෙන විශිෂ්ඨතා මධ්‍යස්ථානයේ කලමනාකරු වන ක්‍රිෂාන් ආනන්දකුමාර් විසින් කලමණාකරණය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...