නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසන්න නියෝජ්‍ය ඇමති රාගම රණවිරු සෙවණට යයි!

Date:

කොළඹ LNW:රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද (19) පෙරවරුවේ එක් විය.

නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන් වෙත ගොස් ඔවුන්ගේ තොරතුරු විමසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත විය.

තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම ශරීරාංග අහිමි වී සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු ව ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා යළිත් එවැනි තත්ත්වයක් මෙරට ඇති නොවීමට රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.

ආබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් රජය අඛණ්ඩව කැප වන බවද නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා “රණවිරු සෙවණ” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමඟද කතාබහක නිරත වෙමින් සෙබළුන් වෙනුවෙන් තවදුරටත් ලබා දිය හැකි වෛද්‍ය හා සේවා පහසුකම් සැපයීම පිළිබඳවද සොයා බැලීය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වී.බී. එදිරිසිංහ යන මහත්වරු සහ “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩී.එම්. කුමාරසිංහ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...