සෝමාලියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
මැයි 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි හමුදා බඳවා ගැනීමේ මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 30 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඩමන්යෝ කඳවුරෙන් පිටත පෙළ ගැසී සිටි තරුණ බඳවා ගැනීමේ පෝලිමක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය හයිරාන් කලාපයේ 26 වන බලඇණියේ අණදෙන නිලධාරී කර්නල් අබ්දිරහ්මාන් හුජාලේගේ ඝාතනයෙන් පසුව සිදුව ඇත.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන් නොමැති අතර අල්-ෂබාබ් සන්නද්ධ කණ්ඩායම විසින් මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවට විශ්වාස කෙරේ,

අල්-ෂබාබ් දශක දෙකකට ආසන්න කාලයක් සෝමාලියානු රජයට එරෙහිව සටන් කරමින් සිටින අතර රජයේ නිලධාරීන් සහ හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...