ලෝක නායකයන් ශ්‍රායලයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ගාසා තිරයේ මානුෂිය ආධාර බෙදා හරිම් අවහිර කිරීම් හා මිලිටරි මෙහෙයුම තීව්‍ර කිරීමට එරෙහිව එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාව දැඩි පියවර ගන්නා බවට අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

මෙම දැනුම්දීමත් සමඟ සමස්ත ගාසා තිරයම සිය පාලනය යටතට ගන්නා බවට නෙතන්යාහු සපථ කර ඇති අතර ඊශ්‍රායල හමුදාව ඛාන් යුනිස් නගරයේ සියලුම ප්‍රදේශය සටන් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සිවිල් වැසියන්ට පිටව යන ලෙස නියෝග කර ඇත.

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් සිය ගණනක් මියගිය අතර ප්‍රහාර මගින් ගාසා තීරයේ විනාශ වූ රෝහල් ද ඉලක්ක කර ගත් අතර, ගාසා තීරය තුළ යුද්ධයෙන් මියගිය මුළු සංඛ්‍යාව 53,486 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ නමුත්, ඉදිරියේදී ඇති විය හැකි සාගතයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පීඩනය හේතුවෙන් ඉදිරි සති 11ක කාලය තුළ ක් පුරා ගාසා තීරය වටලෑම ලිහිල් කරන බවට නෙතන්යාහු නිවේදනය කර ඇති අතර මේ සමබන්ධයෙන් ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු අන්ත දක්ෂිණාංශිකයන්ගේ දැඩි විවේචන වලට ලක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් අද අධිකරණයට

කොළඹ LNW:එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා...

ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් හයක වත්කම් තහනම් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: අනවසර මූල්‍ය ව්‍යාපාරික කටයුතු...

කෙහෙල්බද්දර පද්මේ සහ හරක් කටා බන්ධනාගාරයේදී ගැටිලා :පද්මේ රෝහලේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ඊයේ (22) පස්වරුවේදී පාතාල...

විදුලි බිල්පත් සහනය සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට...