රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW:
විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට මූල්‍ය සහන සැලසීම සඳහා රුපියල් මිලියන 17,213ක අතිරේක ඇස්තමේන්තුවක් අනුමැතිය සඳහා අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
මෙම අතිරේක ඇස්තමේන්තුව ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ සඳහා අවශ්‍ය අරමුදල් බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රතිපාදනවලින් වෙන් කෙරෙනු ඇත.


