Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට වසර 220ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම පැනවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) නියම කළේය.

පුද්ගලයින් 269 දෙනෙකුට දිවි අහිමි කරමින් සහ තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුකළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුවට ප්‍රකාරව දඬුවම් නියම කිරීම ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ අතර විත්තිකරුවන්ගේ සියලු දේපල ද රාජසන්තක කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කෙසේවෙතත් ඊට අදාළව චෝදනා එල්ලව සිටි තවත් විත්තිකරුවන් 9 දෙනකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...