ලෝකයේ පළමු රොබෝ බොක්සිං සටන චීනයේදී!

Date:

කොළඹ LNW:ලෝකයේ පළමු මානවරූපී රොබෝ බොක්සිං සටන චීනයේදී පැවැත්වුණා. චීන මාධය සමූහයයි එය සංවිධාන කළේ.

චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන “CMG ජාත්‍යන්තර රොබෝ තරඟ මාලාවේ ” විශේෂ වැඩසටහනක් පසුගිය දා චීනයේ Hangzhou නගරයේදී අවසන් වුණා. මෙවර මානවරූපී රොබෝවරුන්ගේ බොක්සිං සටනක් ලෙස පැවැත්විය.

මෙය මානවරූපී රොබෝවරුන් සහභාගී වන ලොව ප්‍රථම සටන් තරඟය වන අතර, එය ගෝලීය ප්‍රේක්ෂකයින් සඳහා නිර්මාණය කරන ලද විද්‍යා ප්‍රදර්ශන තරඟයක් ද වනවා. මෙම තරඟය චීන මාධ්‍ය සමූහයේ දේශීය හා විදේශීය වේදිකා හරහා සජීවීව විකාශනය කෙරුණා.

වට තුනකින් සමන්විත වුණ මේ තරගාවලියේදී පහරදීම්වලට අනුව ලකුණු ලබා දෙනු ලැබුවා. අවසන් වටයේදී තීරණාත්මක දණහිස් පහරක් එල්ල කර ප්‍රතිවාදියා බිම හෙළමින් “AI Strategist” රොබෝ කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත් බවයි වාර්තා වන්නේ.

මේ බොක්සිං තරගය අති නවීන රොබෝ තාක්ෂණයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන විශේෂ අවස්ථාවක්.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...