නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් යන අයට විශේෂ නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 27, කොළඹ LNW :

නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයට විශාල ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇත.

නුවරඑළිය පොලීසිය පැවසුවේ, ගස් කඩා වැටීම හේතුවෙන් අද අලුයම එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබූ බවයි.

නුවරඑළිය ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ග්‍රෙගරි වැව ඉදිරිපිට ගැමුණු මාවතට එම ගස් කඩා වැටී තිබුණි. 

පොලීසිය පැවසුවේ,පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කිරිමෙන් අනතුරුව නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කළ බවයි.  

පවතින වර්ෂාවත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...