වැස්සට දියවෙන විස්සයි විස්ස

නිශ්මං රණසිංහ මැයි 27, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන විස්සයි විස්ස ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර පවත්වන තරගාවලියේ මැයි 26 පැවති තරග පහෙන් තුනකම තීරණ වැස්සට සේදිණ.තීරණ ලබා ගත හැකි වූ තරග දෙකේම තීරණත් ගැනුණේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පිහිටාය.ද්‍රවිඩ ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ද්‍රවිඩ ක්‍රීඩා සමාජය පන්දු වාර 18.5 දී ලකුණු 108 රැස් කරන්නට සමත් විය.එහදී ඔවුන්ගේ කඩුලු සියල්ලම දවා ගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය.එහෙත් ලකුණු 6 න් තරගයේ ජය හිමි කර ගනිමින් පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 101 ට සියලු දෙනා දවා ගන්නට ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට හැකි විය.
තීරණය විසදුණු ඉතිරි තරගය වූයේ ඒස් කැපිටල් සහ පානදුර ක්‍රීඩා සමාජය අතර පැවති තරගයය.එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පානදුරට කඩුලු 5 ක් ජයක් හිමි විය.මුලින් පන්දුවට පහර දුන් ඒස් කැපිටල් ඉණිම පන්දු ඕවර් 16.4 දි කඩුලු 7 ට ලකුණු 97 ක් ලබා තිබියදී නිමාවට පත් විය.පිළිතුරු ලෙස ඒ ලකුණු හඹා ගිය පානදුර ක්‍රීඩා සමාජය ප්‍රමාණය පන්දු ඕවර් 14.4 දී සිය ලකුණු පූවරුව කඩුලු 5 ට ලකුණු 102 ක් බවට පත් කර ගන්නට සමත් විය.


හලාවත් මේරියන්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර පැවති තරගයත්,බදුරලිය කණ්ඩායම සහ සීසීසී කණ්ඩායම අතර තරගයත් සහ මුවර්ස් සහ කුරුණෑගල තරුණ කණ්ඩායම අතර පැවත්වීමට නියමිතව තිබුණු තරගයත් ඇතුළු තරග තුනම වර්ෂාව නිසා පවත්වන්නට නොහැකි විණි.


ද්‍රවිඩ ක්‍රීඩා සමාජයේ සචින්ත ජයතිලක ලකුණු 6 කඩුලු 3 ක්,දුවිඩ ක්‍රීඩා සමාජයට පොලිසිය පරදන වැඩේ පහසු කළේය.ඉතාම අඩු ලකුණු වාර්තා වූ තරගයේදී ද්‍රවිඩ ක්‍රීඩා සමාජයේ සරුජාන් සම්මුගනාදන් ලකුණු 43 ක් එකතු කිරීම විශිෂ්ඨ ඉණිමක් හැටියට ගැනීමට හැකිය.එසේම පානදුර සහ ඒස් කැපිටල් තරයේදී ද වැඩි ලකුණු ඉණිම් දකින්නට නොලැබුණ අතර ඒස් කැපිටල් වෙනුවෙන් පවන් පතිරාජ ලකුණු 36ක් රැස් කිිරීම සහ පානදුර කණ්ඩායම වෙනුවෙන් විශාන් හැළඹගේ ලැබූ ලකුණු 32 දෙපිළේ වැඩිම ලකුණු සහිත ඉණිම් විය.තරගයේ වැඩිම කඩුලුලාභියා වූ පානදුර නායක දුෂාන් හේමන්ත ලකුණු 26 ට කඩුලු 4 ක් ලබා ගන්නට සමත් විය.
ඡායාරූපයේ දැක්වෙන්නේ සරුජාන් ෂම්මුගනාදන් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...