IMF කියන හැම එකම එහෙමම කරන්න අවශ්‍ය නෑ. ආර්ථිකය ගැන කරන්නෙ මොකක්ද කියලා ආණ්ඩුව තේරුම් අරන් නෑ – හර්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ආකාරයටම විදුලි බිල් වැඩිකළ යුතු නැති බවත් විදුලිබල ප්‍රතිසංස්කරණ ආපසු හරවන්නේ නම් රටට ආයෝජකයින් නොපැමිණෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

“ආර්ථිකය ගැන මේගොල්ලෝ කරන්නෙ මොකක්ද කියලා තේරුම් අරන් නෑ. බලන්නකො ඉදිරිපත් කරලානෙ විදුලිබල ප්‍රතිසංස්කරණය රිවස් කරන්න. විදුලිබල ප්‍රතිසංස්කරණය රිවස් කළාම ආයෝජන එන්නෙ නෑනෙ. මේගොල්ලො මං හිතන්නෙ පටළවාගෙන සම්පූර්ණයෙන්ම මේ වැඩේ. දැන් විදුලි ගාස්තු වැඩිකරන්න ඕනෙ කියලා IMF එක කියන හැටියටම මේ කට්ටිය කරන්න අවශ්‍යතාවයක් නෑ. ඇමති කිව්වා 35%ක් වැඩි කරන්න ඕනෑ කියලා අපි කිව්වා කියලා. අපි නෙවෙයි, ඒගොල්ලොන්ගෙ විදුලිබල මණ්ඩලයේ සභාපති කිව්වෙ. එයා දැන් ඉන්නවද නැද්ද කියලා අපි දන්නෙ නෑ. එයා ගියායින් පස්සෙ තමයි මේ 18.3%ක් ගෙනල්ලා තියෙන්නෙ. 18.3% නෙවෙයි ඇත්ත වශයෙන්ම මේ ගාණ හදන්න ඕනෙ. අපි එක දේකට ඉන්නවා, ඒ තමයි අපි පිළිගත්තානෙ මේක එජස් වෙනවා කියලා. එතකොට නියාමන කොමිසම හරහා මේක සිද්ධ වෙන්න ඕනෙ කියන තැන අපි ඉන්නවා. සමහර වෙලාවට ඒක අඩුවෙන්න වෙයි, සමහර වෙලාවට 1% – 2%ක් වැඩිවෙන්න වෙයි. එතකොට අඩුවෙන වෙලාවට අපි ඉන්නත් වැඩිවෙන වෙලාවට අපි ඉන්නෙ නැතිව ඉන්නත් බෑනෙ. අපි මොකක් හරි ප්‍රතිපත්තියක ඉන්න ඕනෙ. හැබැයි මේ ඉදිරිපත් කරලා තියෙන වැඩිවීම සම්පූර්ණයෙන්ම වැරදියි. ඕක 1% , 2%, 3% වගේ ගාණකට බේරාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒකට අපි සටන් කරනවා. අනිත් එක තමයි දැන් ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙනවානෙ විදුලිබල පනතට සංශෝධනයක්. ඒකෙ කියනවා ඒක සම්මත වුණොත් ඊටපස්සේ නියාමන කොමිසමට හැකියාවක් නෑ ලයිට් බිල වෙනස් කරන්න, ඒකට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඕනෙ කියලා. මොන ජරා වැඩක්ද ? මේවා කරලා IMF එකත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්ද ? පිස්සු !”

ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව පැවසුවේ ඊයේ (මැයි 27) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...