ක්‍රිකට් තරු සිනමා තරු අතර රැදි අග රැජිණට සොව පළ කරයි

Date:

නිශ්මං රණසිංහ මැයි 28, කොළඹ LNW:

මේ ඡායාරූපවල සිටින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්.මේ අයගෙ වයස ගත්තම මාලනියගේ ස්වර්ණමය කාලය වඩාත් සමීපව විඳින්නට ඇත්තේ ඔවුන්ගේ දෙමව්පියන්.ඒත් ක්‍රිකට් ගහන අතරෙ බලන පරන ෆිල්ම් එකක මේ අයත් මාලනිය දැකලා ඇති.ඇව කෙතරම් දිව්‍යමය රූ සපුවකින් යුත් ගැහැණියකද යන්න දැනිලා ඇති.ඒ රංගන ප්‍රතිභාව ඔවුන්ට අවබෝධ මට්ටමෙන් විඳලා ඇති.


ඒත් මේ වැඩේ හොඳයි.තමන් පමණක් නොව ලෝකය දිනා ඇති තවත් විශිෂ්ඨයන් මේ පොළව මත,වෙනත් කේෂ්ත්‍රවල සිටින බව දැන ගන්නට ඉඩ දීමම වටිනවා.ඒ නිසා ශ්‍රී ලංකාවේ මොහොතේ වඩාත්ම ලාංකිකයන් හැටියට ලෝක පරිමානයෙන් කතාවට ලක්වන කේෂ්ත්‍රය වන ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝකය දන්න ක්‍රීඩකයින් ඊට පෙර පරම්පරාවේ ලෝකය දිනූ සනත් ජයසූරිය වැන්නන් පෙරටු කර ගෙන නිළි රැජිණට අවසන් බුහුමන් දක්වන්නට පැමිණීම ගැන මෙන්ම එය ශ්‍රී ලංකා ක්‍රිකට් හි අනුමැතියෙන් අනු දැණුමෙන් සිඳුවීමත් අගය කළ යුතු වෙනවා.එසේම සෙසු ක්‍රීඩා කේෂ්ත්‍රවලට ආදර්ශයක් ද වෙනවා.


නිදහස් චතුරස්‍රය ඉදිරිපිට පිහිටි ටොරිංටනයෙන් සංවිධානාත්මකව සංගම් සම්මේලන හැටියට අවසන් මොහොතට පාර පැන නොපැමිණිය ද බොහෝ දෙනෙක් තනි කනිව පැමිණ ඇයගේ අවමඟුල් අවස්ථාවට එක්ව ගරු බුහුමන් දක්වන්නට ඇති බවත් සිතනවා.එසේම මාලනියගේ ජීවිතයේ අවසාන භාගය වෙනුවෙන් ජයන්ත ධර්මදාස නම් වූ ක්‍රිකට් පාළක මණ්ඩලයේ උප සභාපතිවරයා සතුටින් නිදහසෙන් සිටින්නට සෞඛ්‍ය ආරක්ෂිත පසුබිමක් සකස් කරන්නට කළ මෙහෙයටත් මෙහිදී ගෞරවය හිමි විය යුතු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...