පැණි වරකා ගහටත් හෙණ ගසයි; ට්‍රම්ප් හා මස්ක් අතර නොසන්සුන්තා

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය සමීපතමයකුවන ප්‍රකොස්ටිපති එලෝන් මස්ක් අතර නොසන්සුන්තා වර්ධනය වෙමින් පැවතින බවත් රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවෙන් හෙතෙම ඉවත් වීමට සුදානම් බවත්, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ පසුගියදා සෙනෙට් මණ්ඩලය විසින් සම්මත කරන ලද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් ට්‍රිලියන ගණනක බදු කප්පාදුව සහ වියදම් පියවර පනත් කෙටුම්පතයි.

මෙම පනත් කෙටුම්පත මේ වන විට සෙනෙට් සභාවට යොමුකර ඇති අතර එහි ඩොලර් ට්‍රිලියන ගණනක බදු සහන සහ ආරක්ෂක වියදම් වැඩි කිරීමේ පොරොන්දුවක් ඇතුලත් වේ.

සම්බන්ධයෙන් CBS සන්ඩේ මෝනිං සමඟ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් එලෝන් මස්ක් සඳහන් කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමා අතිශය කලකිරීමත පත්ව සිටින බවත්, මෙමඟින් වියදම් තවදුරටත් වැඩිවන බවත්, මෙමඟින් අයවැය හිගය වැඩි කරන බවත්ය.

ජනාධිපති ට්‍රම්ප් සිය මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව වියදම් අඩු කිරීමේ උපදේශක ආයතනය වන රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වශයෙන් එලෝන් මස්ක් පත්කරන ලද අතර ට්‍රම්ප්ගේ මෙම නව පනත් මඟින් ඔවුන්ගේ වියදම් අඩු කිරීමේ කාර්යන් අඩපණ කරනු ඇත.

එලෝන් මස්ක් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 250 කට වඩා වැඩි පරිත්‍යාග සමඟ ධවල මන්දිරයට ආපසු යාමට උදව් කළ අතර නමුත් මේ වන විට මස්ක් දේශපාලනයට අඩුවෙන් වියදම් කිරීමට සුදානම් බවත්, ටෙස්ලා සමාගම වෙනුවෙන් සිය කාලය කැප කරන බවත් සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...