පදක්කම් දෙකක් – දෙකටම කාලිංගගේ සහය

0
144

නිශ්මං රණසිංහ මැයි 29, කොළඹ LNW

දකුණු කොරියාවේ ගුමි හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ පදක්කම් සටනට නම ඇතුළත් කිරීමට අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුණා.ඒ මීටර් 400 ඉසව්ව පාදක කරගෙනයි.පිරිමි මීටර් 400 ඉසව්වේදි තත්පර 45.55 ක හොඳම දක්ෂතාවය වාර්තා කරමින් මේ තරගාවලිය පුරාම කැපී පෙණුන කාලිංග කුමාරගේ එම ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නා.ඉසව්ව නිමා කර සුළු වේලාවකට පසුව පැවති මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ තරගයට ද එක් වූ කාලිංග,එහිදී සයුරි මෙණ්ඩිස්,නිශේන්ද්‍රා ප්‍රනාන්දු සහ සදෙව් රාජකරුණා සමඟ එක්ව එහි ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකාවට දිනා දීමට දායක වුණා.


පිරිමි මීටර් 400 ඉසව්වේදී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දුන් අරුණ දර්ශන මේ සහය දිවීමේ තරගයට එකතු වුණේ නැහැ.ඒ වෙනුවට සදෙව් රාජකරුණා කැඳවා තිබුණා.එසේම හරියටම කාන්තා මීටර් 400 අවසාන තරගය නිමා වී පැයකට පසුව ඇරඹි එම සහය දිවීමේ තරගයට වෙහෙසකාරී බව නිසා නදීශා රාමනායකට එක්වීමට අවස්ථාව නොලැබුණ බැවින් ඇය වෙනුවට සයුරි මෙණ්ඩිස් ධාවනය සිඳු කළා.සයුරි සහ සදෙව් තමන්ට ලැබුණ අවස්ථාවේදී කණ්ඩායම වෙනුවෙන් ඉහළම යුතුකම ඉටු කළ අතර එහෙත් ඔවුන් වාර්තා කළ කාලය වූ විනාඩි 3:21.95 සමහර විට නදීශා සහ අරුණ ධාවනය කර සිය උපරිමය පෙන් වූයේනම් වෙනස් වන්නට ද ඉඩ තිබුණා.එහෙත් එය සියයට සියයක් ඇත්ත යැයි පැවසිය නොහැකි අතර ඒ උපකල්පනයෙන් සයුරි සහ සදෙව් කණ්ඩායමට දැක් වූ දායකත්වය කිසිසේත්ම පහත දමා සිතිය නොහැකියි.


යෝධසිංහට අවාසනාවන්ත විදිහට අවසාන තරගයට පිවිසීමට අවස්ථාව හිමි වුණේ නැහැ.එසේම නදීශා ට මීටර් 400 අවසාන තරගයේ අටවන තැනට පත් වී පදක්කම් බලාපොරොත්තුවෙන් ඈත් වෙන්නට සිඳු වුණා.දකුනු කොරියාවේ කාලගුණ අනාවැකිවලට අනුවම ස්වභාව ධර්මයේ හැසිරීම සිඳුවෙමින් කාන්තා මීටර් 10000 තරගය අයිස් සහිත වැස්සත් සමඟ අතරමඟ නවතා දමන්නට සිඳු වුණා.එම තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්රසාරා විජේසූරිය හෙට යළි පවත්වන තරගයට ඉදිරිපත් වෙනවා.එහිදී වැදගත් වූයේ සංවිධායකයින් එම මොහොතට මුහුණ දීම සඳහා විශ්වසනීය කාලගුණ අනාවැකි සමඟ තාවකාලික වැහි කබා සමඟ ඊට සූදානම්ව සිටි අයුරුයි.