HNB වැඩි අයිතිය අත්පත් කරගනිමින් නන්දන ලොකුවිතාන බැංකු ක්ෂේත්‍රයටත් පිවිසෙයි !

Date:

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සතුව තිබූ හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) 9.99% ක කොටස් ප්‍රමාණයක් කෝටිපති ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතාට අයත් සිලෝන් ස්ටීල් කෝපරේෂන් (ලංවා) විසින් අත්පත් කරගෙන තිබේ.

පෙරේදා (27) පෙරවරුවේ මෙම කොටස් ගනුදෙනුව සිදුවූ අතර මෙහි දී කොටසක් රු. 305.00 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 45,317,177ක් ගනුදෙනු වී ඇති අතර එම ගනුදෙනුව හරහා රු. බිලියන 13.82 ක පිරිවැටුමක් වාර්තා වී තිබේ. මීට අමතර කොටසක් රු. 320 බැගින් වූ 319,405ක කොටස් ප්‍රමාණයක් ද එදින පස්වරුවේ, ගිවිසා ගනු ලැබූ ගනුදෙනු දෙකක් හරහා හුවමාරු වී තිබුණි.

මෙම ගනුදෙනුව මෑත කාලයේ කොළඹ කොටස් වෙළඳපොල තුළ සිදු වූ විශාලතම ගනුදෙනු අතරින් එකක් ලෙස සනිටුහන් වෙයි.

හැටන් නැෂනල් බැංකුවේ ඡන්ද බලය හිමි කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ අංක එක හිමිව තිබුණේ එහි කොටස් ප්‍රාග්ධනයෙන් 9.99%කට හිමිකම් කියූ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී වෙතයි. එහි හිමිකරු වන්නේ මෙරට තවත් ප්‍රමුඛතම ව්‍යාපාරිකයකු වන ඉෂාර නානායක්කාර මහතා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...