හිටපු ජනාධිපති මෛත්‍රීපාලට එරෙහි නඩුවක් ගැන නීතිපතිගෙන් දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 29, කොළඹ LNW :

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා වරදකරු වී සිර දඬුවම් නියම වී සිටී බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණයට අදාළ  ලේඛන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන පැවසේ.

ඥානසාර හිමියන්ට ප්‍රදානය කර තිබෙන සමාව බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍ය එක්නැළිගොඩ විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා මහතා මෙම දැනුම්දීම සිදු කර ඇත.

මෙම පෙත්සම් ඊයේ (28) එස්. තුරෙයි රාජා කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබ ඇති අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පූජ්‍ය ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට අදාළ ලේඛන  අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් මෙම නඩුකරයට අදාළ විරෝධතා ගොනුකර තිබෙන බවත් අධිකරණයට දන්වා ඇත.

මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ විරෝධතා ගොනු කර තිබෙන බව සඳහන් කර සිට ඇත. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම අගෝස්තු මස 26 වන දා විභාගයට ගැනීමට දින නියම කළ බව පැවසේ.

පෙත්සම් කරුවන් කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කළ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අභියාචනාදීකරණය මගින් බරපතළ වැඩ සහිත වසර 19ක සිර දඬුවම් නියම කොට එම දඬුවම වසර හයකින් ගෙවී යා යුතු බවට නියෝග කළ බවයි.එම දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද තහවුරු කළ බව පෙත්සම්කරුවෝ සඳහන් කරයි.

එසේ තිබියදී එවක  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සමාව ප්‍රදානය කර ඥානසාර හිමියන් නිදහස් කිරීමට තීරණය කළ බවත් එසේ සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අනුමත කර තිබෙන නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවත් පෙත්සම්කරුවෝ කියා සිට ඇත,

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයද සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...