ඇමරිකාව චීන සිසුන්ගේ වීසා අවලංගු කිරීමේ තීරණය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය!

Date:

කොළඹ LNW:ඇමරිකාවේ අදාළ ප්‍රතිපත්තීන් හා ක්‍රියාවන් එරට සිටින චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට හානි කරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

චීන සිසුන්ගේ වීසා බලපත්‍ර අහෝසි කිරීමට ඇමරිකාව තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශික Mao Ning මහත්මිය අද(29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.

දේශපාලනික වශයෙන් වෙනස් ජනවර්ග කෙරෙහි ඇමරිකාව වෙනස් අයුරින් සැලකීමේ ක්‍රියා එරට නිතර පෙන්නුම් කිරීමට උත්සාහ දරන ‘නිදහස හා විවෘතවීම’ විනාශ කිරීමකි.

එමගින් එරට ප්‍රතිරූපයට හා විශ්වසනීයත්වයට ද දැඩි හානි කවන බවයි චීනය පවසන්නේ. මෙවැනි තීරණ සම්බන්ධයෙන් තරයේ ම විරුද්ධ වන චීනය ඒ පිළිබඳව ඇමරිකාවට දැනුම් දී ඇති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් පරීක්ෂණාගාරය විවෘත වේ….

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : GP Certified විසින්...

ගනේමුල්ල සංජීව ඝාතනය: සැකකාර නීතිඥවරිය ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට...