මහනුවර නව පුරපති චන්ද්‍රසිරි විජේනායක

Date:

මහනුවර මහ නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් චන්ද්‍රසිරි විජේනායක මහතා පත්වී තිබේ.

ඒ අනුව, ඒ මහතා අද (02) පෙරවරු 9 .30 ට මධ්‍යම පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පලාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන් මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත ය.

චන්ද්‍රසිරි විජේනායක මහතා 1976 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කළ අයෙකි.

ඒ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම මහනුවර මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු වශයෙන් ද කටයුතු කර ඇත.

විජේනායක මහතා අද පෙ ව. 10 .00 ට මහනුවර මහ නගර සභා කාර්යාලයේදී නගරාධිපති ධූරයේ වැඩ ගැනීමට නියමිත අතර ජාතික ජන බලවේගයේ පාලනය යටතේ මහනුවර මහ නගර සභාවේ මංගල රැස්වීම ජුනි 05 වනදා පැවැත්වීමට නියමිත බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි භාරගත්ත රාජ්‍යයේ තරම දැන් ඔබට පේනවා ඇති!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රටට ගෙනවිත් තිබෙන රසායනික...

විදර්ශන සාහිත්‍යයේ කාන්තා ඇගයීම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා...

” කැමරාවේ සප්ත පාලනයන් සහ රැස්කළ ඡායාරූප බිඳක්” දොරට වැඩුම සැප්තැම්බර් මස 13 වනදා..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW : පොතක වරුණ... කෘතිම බුද්ධිය...