ජනාධිපතිතුමා පාපිස්සේ කතාව කිව්වේ අපේ පක්ෂයේ අයට නෙවෙයි, පක්ෂයෙන් ගිය අයටයි – මන්ත්‍රී නජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපත් අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැයි දිනයේදී පාපිසි කතාවක් පැවසුවේ ජාතික ජන බලවේගයේ කිසිවකු ඉලක්ක කරගෙන නොව ජනතා විමුක්ති පෙරමුණ හැරගොස් ජවිපෙට එරෙහි කඳවුර නියෝජනය අය ඉලක්ක කරගෙන බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නජිත් ඉන්දික පවසයි.

“ඇත්තටම මේ පාපිස්සේ කතාව කරනකොට එතන මම හිටියා. අපි හැමෝම හිටියා ඒ වෙලාවෙ. ඒක ජනාධිපතිතුමා නිශ්චිතව ඒ කතාව කියපු විදියක් තිබුණා. ඕනෙ කෙනෙකුට දැන් බලන්න පුළුවන්, ඒකෙ කිව්වේ අපේ ව්‍යාපාරය තුළ හිටියේ නැත්නම් යම් කාලෙක, සමහර තැන්වල පාපිස්සටවත් ගන්නෙ නැති අය දැන් අපේ ව්‍යාපාරයෙන් ගිහිල්ලා … කියන කතාව තමයි ඔහු ප්‍රකාශ කළේ. මට හරියටම වාක්‍ය මතක නෑ. ඔහු කළේ, අපේ ව්‍යාපාරයේ ඉඳලා ගිහිල්ලා අනිත් කඳවුර ඇතුළෙ ඉඳගෙන අපට චෝදනා කරන පිරිස ඉලක්ක කරගෙන කරපු ප්‍රකාශයක්. නැතුව පක්ෂය ඇතුළෙ ඉඳගෙන ජාතික ජන බලවේගයේ අයට කියපු එකක් නෙවෙයි ඒක හොඳට බැලුවොත්. මේක මේ මේ කතාවට සහභාගී වෙන වීරකුමාර දිසානායක මහත්මයා අහුවෙනවා, මං කියන්නෙ එතුමාට නෙවෙයි, එතුමාගේ කඳවුරේ වෙනත් කෙනෙකු ඉලක්ක කරලා කියපු විදියක් තමයි මට තේරුණේ, මේ කතාවෙන්. ඒ කතාව නැවත බලන්න පුළුවන් ඕනෙ කෙනෙකුට යූටියුබ් එකෙන්. අපේ ව්‍යාපාරයේ ඉඳලා ඒ වටිනාකම් ගත්තෙ නැත්නම් අනිත් ව්‍යාපාරවල දොරකඩේ පාපිස්සටවත් ගන්නෙ නැති මින්ස්සු දැන් අපිට මෙහෙම කියනවා කියන එක තමයි කිව්වෙ”

නජිත් ඉන්දික මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයමය වැඩසටහනකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...