විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක ජුනි 03, කොළඹ LNW :

2024 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 90,000 කට අධික පිරිසක් Online ඔස්සේ ලියාපදිංචි වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ලියාපදිංචියට දුන් කාලය පසුගිය 30 වැනිදායි අවසන් විය.

ලියාපදිංචි කළ සිසුන්ගේ කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීමට ලබන 13 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇති බව කොමිසම පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩිවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකියි.

ඒ අනුව කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කළ සිසුන්ගේ අයැදුම්පත්වල පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් කොමිසම වෙත ලැබීමට සැලැස්විය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...