ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මල්ලිට නම් ජනාධිපති සමාව ලැබෙන්නේ නෑ – අධිකරණ ඇමති (VIDEO)

Date:

කොළඹ LNW: ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් පිළිබඳ අසත්‍ය ප්‍රචාරය කරන විපක්ෂ මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායම් වෙත මෙන්ම අසත්‍ය තොරතුරු සමාජ ගත කරන මාධ්‍යවලටත් සමාවක් නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මේ වන විට විපක්ෂයට ලොකු භූමිකාවක් නොමැති අතර ඔවුන් ඉදිරියෙන් මයික් කිහිපයක් පමණක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා විසින් රජයේ වාහන අලෙවි කිරීම සම්බන්ධයන් කළ අසත්‍ය ප්‍රකාශය තුළින්ම රටට බොරු කියන්නේ කවුරුන්ද යන්න ජනතාවට තීරණය කළ හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර කන්ටේනර් 323 සම්බන්ධයෙන් වන පරික්ෂණවලටද දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල යන අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය වීමට සිදුවන බවද අමාත්‍යවරයා කියාසිටියේය.

මේ අතර විපක්ෂයේ අසත්‍ය කරුණුවලට ගැලපෙන ආකාරයට කටයුතු කරන මාධ්‍ය කිහිපයක්ද පවතින අතර එම අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව ආණ්ඩුව ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ආණ්ඩුවේ පවතින නීති ගරුක බව, නිහතමානී බව කවුරුන් හෝ නිවටකමක් ලෙස කල්පනා කරන්නේ නම් ඒවාට පිළිතුරු නීතිය හරහාම දීමට සූදානම් බවයි නානායක්කාර මහතා තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය කිමිදුම්කරුවන්ටත් රක්ෂණයක්!

කොළඹ LNW:ජිවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා...

අනුර කුමාරටත් සිහිනයක් තියෙන්න ඇති. මටත් අවස්ථාව ලැබුණොත් ජනාධිපතිවරණයට එනවා – නවින්

කොළඹ LNW:ජනාධිපති ධූරය වෙනුවෙන් තමන්ට සුදුසුකම් ඇති බවට විශ්වාස...

ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීමේ සැලස්මක්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සුදාට එරෙහිව වාරණ නියෝගයක් !

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව...