පරිසර දිනට සමගාමීව මහනුවර නගරයට පැමිණෙන වාහනවල යෝග්‍යතා පරීක්ෂාවක්!

Date:

කොළඹ LNW:ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් මහනුවර නගරයට පැමිණෙන වාහනවල යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ තෙදින වැඩසටහනක් මහයියාව, ගැටඹේ හා තැන්නේකුඹුර යන ස්ථානවලදී පැවැත්විණි.

මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වායු විමෝචන අංශය, මහනුවර දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එක්ව මෙම වැඩසටහන සංවිධාන කොට තිබිණි.

Safe and Clean Transport යන තේමාව යටතේ පිවිතුරු හරිත නගරයක් පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් උදෙසා මෙම වැඩසටහන සංවිධාන කළ බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් සමන්ති රත්නායක මහත්මිය ප්‍රකාශ කළාය.

මගී ප්‍රවාහන පොදු බස් රථ, රජයේ වාහන මෙන්ම පුද්ගලික වාහන ද මෙහිදී පරීක්ෂා කිරීමට ලක්වූ අතර වයු විමෝචන පරීක්ෂාව, වාහන මාර්ගයේ ධාවනයට සුදුසු තත්ත්වයේ පවතීද යන්න ආදිය මෙහිදී පරීක්ෂා කිරීමට ලක්විය.

ධාවනයට නුසුදුසු වාහන සඳහා සිදු කර ගත යුතු නඩත්තු හා අලුත් වැඩියා සම්බන්ධ උපදෙස් ලබා දුන් බවත් එවැනි වාහනවල සති තුනක් වැනි කාලයක් තුළදී මෝටර් රථ වාහන දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙන්විය යුතු යැයි වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ මොටර් රථ
වාහන පරීක්ෂක පද්මික සේනානායක මහතා පැවසුවේය.

පරීක්ෂා කරන ලද වාහනවලින් පෙට්‍රල් වාහන 10%ක් පමණ සහ වීසල් වාහන 80%ක් පමණ වායු විමෝචන පරීක්ෂාවෙන් අසමත්වූ බව ද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

නදික දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...