හයවැනි වරටත් අගමැති වූ රනිල්ගේ ලේකම් තනතුරට සිව්වැනි වරටත් සමන් ඒකනායක

අද දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

සමන් ඒකනායක මහතා මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය තනතුර දරන අවස්ථා 03 කදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ඒ අනුව ඔහු අදාල තනතුරට පත්වන්නේ සිව්වැනි වරටයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික පරිපාලන නිළධාරියෙකු වන සමන් ඒකනායක මහතා යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ කටයුතු, මුදල් යන ආමාත්‍යංශවල සේවය කළ අතර මැලේසියාව සහ මහා බ්‍රිතාන්‍යය යන රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලවලද සේවය කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...