ගෝටාගෝගමේ අලුතින්ම විවෘත වෙන ෆිල්ම්හෝල් එක …

0
2921

අද, එහෙමත් නැත්තං 2022 මැයි 13 වැනිදා සිකුරාදා, පස්වරු 6.00ට ගෝටාගෝගමේ සිනමාශාලාව , “ටියර්ගෑස් සිනෙමා” මහජනතාව වෙත විවෘත වෙනවා.

පසුගිය මැයි නවවැනිදා රාජපක්ෂ පවුල ප්‍රමුඛ හෙංචයියන් ගෝටාගෝගමට එල්ල කළ නින්දිත ප්‍රහාරයෙන් පසු, යළි අලුත් හුස්මකින් අළු මතින් ලොව එළිය දකින ෆීනික්ස් පක්ෂියකු සේ එළි බසින අරගලකරුවන්ගේ නව සිහින වල ප්‍රතිඵලයක් ලෙස “ටියර්ගෑස් සිනෙමා” ශාලාව මහජනතාව දෙස පෙරමං බලා සිටිනවා.

ඒ මැයි නවවැනිදා ගෝටාගෝගමට එල්ල වූ සාහසික, ම්ලේච්ඡ ප්‍රහාරයට නොබියව, ආදරය පෙරදැරි කරගෙන මුහුණ දුන් අපේ අරගලකරුවන්ගේ සහ, ගෝටාගෝගමට ගහනවා යැයි ආරංචිය ලැබී, සියලු රාජකාරී පසෙකලා, ඇඳිවත පිටින්ම, ගෝටාගෝගම සහ විපතට පත් අරගලකරුවන් රකින්නට හැකි විගස දුව ආ ආදරණීය රට වැසි මිනිසුන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ නිහතමානී ආරාධනය; රටට, අරගලයට, සිනෙමාවට ආදරය කරන ඔබ සැමටයි.

එන්න,

අපේ “ආදරයේ අරගලය” මේ ජඩයන් සියල්ලම නීතියේ ආධිපත්‍යයට නතුවන තාක් කල් නොනවතිනු ඇත.

නොනිදන අරගලයට ජය !!!

May be an image of text
  • Pamuditha Zen Anjana