Coldplay හි Chris Martin සහ සුප්‍රසිද්ධ නිළි Dakota Johnson ගේ ප්‍රේම සම්බන්ධයට විරාමයක් ද?

Date:

සටහන – පුලී
ජූනි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
Dakota Johnson සහ Chris Martin වසර 8 කට ආසන්න කාලයක් පැවති තම ප්‍රේම සම්බන්ධතාවයට තිතක් තැබීමට කටයුතු කළ පුවතක් විදෙස් මාධ්‍ය තුළින් වාර්තා වෙයි. දශකයකට ආසන්න කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක සිටි මෙම යුවළ ගත් මෙම තීරණය ස්ථීර යැයි ඇතැම්හු පවසති.

PEOPLE සඟරාවට අනුව, Dakota Johnson සහ Coldplay හි Chris Martin නැවතත් වෙන් වී ඇති බවත්, තරු දෙපළගේ නියෝජිතයින් තවමත් එම පුවත තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නොමැති බවත් සඳහන්.

2017 දී තම පෙම් පලහිලව්ව අවසන් වරට ප්‍රසිද්ධියේ දක්නට ලැබුණේ මැයි 16 වන දින මැලිබු හි විනෝද චාරිකාවක අතරතුර දීය. මෙම වසර මුලදී, ඔවුන් Coldplay හි Music of the Spheres සංචාරය සඳහා ඉන්දියාවේ සිටියදී, අත් අල්ලාගෙන මුම්බායි හි වීදිවල ඇවිද යන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

ඒ වන විට, ඔවුන් වෙන්වීමේ කටකතා වලින් පීඩා විඳි නමුත්, ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳී සිටිනු දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...