ප්‍රවීනයන්ගේ පිහාටුමල් සටන්වල ජයග්‍රහණයේ වැඩිම පලදාව නදීශාගෙන්

Date:

නිශ්මං රණසිංහ ජුනි 10, කොළඹ LNW:

ප්‍රවීනයන්ගේ බැඩිමින්ටන් තරගාවලිය නිමාවට පත් වූයේ වැඩි කිර්තියේ පංගුකාරීත්වය ශ්‍රී ලංකාවට හිමි වෙමින්ය.දින කහිපයක් පුරා ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පුරාණයේ දක්ෂතා සමඟ නම රැඳුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹ ශාන්ත ජෝෂ්ප් ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී සිය මතක ස්මරණය කර ගනිමින් ගෙවා දැමීම අපූරුය.තවමත් මතකවල රැන්දූ කීර්තිය ගැන යළි යළිත් මතකය අවදි කරවමින් ඔව්හූ ක්‍රීඩා කළහ.


මේ ඉතිහාස සාක්ෂි අතුරන ලද බිමේ වැඩිම ජයග්‍රරහණ ගණනකට දායක වෙන්නට සමත් වූ ක්‍රීඩිකාව වූයේ නදීශා ගයන්තිය.ඇය ජයග්‍රහණ හතරකට හිමිකම් කිවාය.වයස 40 ඉහළ කේවල සූරිය වූ නදීශා වයස 35 ට වැඩි කාන්තා යුගල සූරතාවය දිනා ගත්තේ ඉන්දියානු ක්‍රීඩිකා අර්පනා චවුහාන් සමඟ එක්වය.වයස 40 ට ඉහළ මිශ්‍ර යුගල සූරතාව ඇය ජය ගන්නේ හසිත චානක සමඟ එක්වය.නදීශා ස්විට්සර්ලන්තයෙන් පැමිණි ක්‍රිශ්නා විනී සමඟ එකව වයස් එකතුව අවුරුදු 100 ට වැඩි තරග අංශයේ කාන්තා යුගල සූරතාවය දිනා ගත්තාය.මෑත කාලයේ හ්‍රී ලංකාවේ ජාතික තගයේ ඉදිරියෙන්ම සිටි ක්‍රීඩිකාවක වන නදීශා ගයන්ති සම්බන්ධ මතකයේ ඇත්තේ ඇය පෙරළිකාර ක්‍රීඩිකාවක බවය.


නදීශාට සූරතා හතරක හිමිකාරීත්වය ලබා දෙන්නට දායක වූ ක්‍රිශ්නා වෙනී සහ සහ හසිත චානක ද ද්විත්ව සූරතාවයන්වල හිමිකරුවෝ වූහ.එසේම මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීන තරගාවලිවල කැපී පෙණෙන ක්‍රීඩිකාවකව සිටින රේණු චන්ද්‍රිකා ද සිල්වා ද ත්‍රිතව් සූරතාවයන් දිනා ගන්නට සමත් වූවාය.ඇය 45 න් ඉහළ කාන්තා කේවල සූරිය වූ අතර එම වයස් සීමාවේ යුගල සූරතාවය ප්‍රියංකා අබේරත්ක සමග එක්ව දිනා ගත්තාය.වසය අවුරුදු 120 එකතුවට වැඩි කාණඩයේ දී චන්ද්‍රිකාගේ සහයට පැමිණියේ රොහාන් ද සිල්වා ය.රොහාන් ඊට අමතරව රුඩියාන්ටෝ සෙන්ග් සමඟ එක්ව 120 ට වැඩි එකතුව ඇති පිරිමි යුගල සූරතාවයේදී ද හිමිකරු වෙන්නට සමත් විය.


නිලූක කරුණාරත්න ශ්‍රී ලංකාව බිහිකළ සුවිශේෂීම බැඩිමින්ටන් ක්‍රීඩකයාය.ඔලිම්පික් තරගයකදී තරගයක් ජය ගැනීමට සමත් වූ පළමුවැන්නා ලෙස ඔහුගේ හැකියාව කිසිවෙකුට සම කළ නොහැක.ඔහු ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රවින තරගාවලියක තරග කළ පළමු අවස්ථාවේදීම ත්‍රිත්ව සූරතාවයන් දිනා ගන්නට සමත් විය.වයස 35 ට වැඩි පිරිමි කේවල සූරතාවය සමග ඔහු එම වයස් කාණ්ඩයේ පිරිමි යුගල සූරතාවයද දිනා ගන්නට සමත් විය.ඒ චරිත් විජේනායක සමඟ එක්වය.එසේම අවුරුදු 110 එකතුවට අදාළ පිරිමි යුගල තරගයද නිලූක ඉන්දුනීසියාවේ ෆ්‍රීට්ස් මේනකී සමඟ එක්ව ජය ගනු ලැබුවා.


එසේම කාලයක් ජාතික තරගයේ බැඩිමින්ටන් තරු වූ කෞශලී දිසානායක,ශ්‍රියානී දීපිකා,නිරෝෂන් විජේකෝන්,දුමින්ද ජයකොඩි,හසිත චානක,සුභාෂ් ජානක වැනි ක්‍රිඩක ක්‍රීඩිකාවෝද අතීතය යළි සිත අඳමින් කැපී පෙණෙන දස්කම් දක්වමින් ජයග්‍රහණ අත්පත් කර ගත්තා.ක්‍රීඩාව වයසට නොයා සිටීමට සාධකයක් පමණක් නොව ක්‍රීඩාව වියපත්වීම නවත්වන මඟක් ලෙස ද හැඟෙන රැඟුම්වලින් පෝෂණය වුණා.අපූරු වියපත් නොවන තාරුණ්‍යයක විස්කම් සමඟ ගෙවුණ දින කිහිපයක චමත්කාරය යළි යළිත් විඳන්නට හැකි තවත් මොහොවල් ගණනාවක් ප්‍රවීනයන්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් අනාගතයට ද ඉතුරුවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ගත් අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...