නාමල් පැනවූ රගර් තහනම ඉවත් වෙයි.

Date:

ශ්‍රී ලංකා රගර් පරිපාලනයට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පැන වූ තහනම් නියෝගය අධිකරණය මඟින් ඉවත් කරන ලද අතර වැඩි දුර නඩු විභාගය ජූනි 30 දා ට කල් තැබිණි.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා රගර් පරිපාලනයේ කටයුතු අත්හිටුවමින් නිකුත් කරන ලද 2022 අප්‍රේල් 22 දිනැති ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණේ ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ සභාපති රිස්වි ඉල්ලියාස් ය.ඒ වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරචචිගේ උපදෙස් මත උධිකරණයේ පෙනී සිටි ෆයිස්ර් මුස්තාෆා,පණ්ඩුක කිර්තිනන්ද,කීර්ති තිලකරත්න යන නීතිඥවරුන් මෙම තහනම් නියෝගට අදාළ ගැසට් පත්‍රය කිසිදු නීතිමය පදනමකින් තොරව නිකුත් කර ඇති බව අධිකරණයට දන්වා සිටියේය.ඒ අනුව ගරු අධිකරණය ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කිරීමට අධිකරණය තීරණය කළේය.

මේ සම්බන්ධයෙන් LNW වෙත අදහස් දැක් වූ රගර් පරිපාලන ප්‍රධානී රිස්වි ඉල්ලියාස් ප්‍රකාශ කළේ මෙම තීන්දුව සියලු ක්‍රීඩා සංගම් සහ සම්මේලනවල ස්වාධිනත්වය වෙනුවෙන් ලැබුණු ජයක් හැටියටය.හිටපු ඇමතිවරයා ගත් තීරණයට ඔහු පමණක් නොව ඔහුව වැරදි තොරතුරු ලබා දෙමින් නොමඟ යවා යම් යම් පුද්ගලික වාසි අත්පත් කරගන්නට උත්සාහ ගත් පිරිස් ද වගකිව යුතු බව ද පැවසූ රිස්වි ඉල්ලියාස් අනාගතයේදී ක්‍රීඩා සම්මේලනවලට නීති විරෝධී දේශපාලන ඇඟිලි ගැසීම් සිදු නොවන්නට මෙම තීරණයෙන් මඟ පෙන්වීමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසීය.

එසේම රග්බි සභාපතිවරයා පැවසූවේ මෙම ගමන කිසිවෙක් සමඟ තරහක් තබා නොගෙන ඉදිරියට යා යුතු බවය.ඒ නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය ඇති කිරීමට බල පෑ පුද්ගලයන් පවා ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ වාසනාව උදා කර ගැනීමට භාවිතා කිරිමට ශ්‍රී ලංකා රග්බි කිසිවිටෙක පසුබට නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...