බිමල් රත්නායකට “දූෂණය” නමැති වරදට අනාගතයේදී අනිවාර්යයෙන්ම නඩු පවරනවා – දයාසිරි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කන්ටේනර් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකට අනාගතයේදී අනිවාර්යයෙන්ම නඩු පවරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

“සීවලී අරුක්ගොඩ මේ ආණ්ඩුවේ පව් කරගහන්න ගිහිල්ලා ඔහු ඉතාමත් නරක තැනකට ඊයේ පත්වුණා. තමන්ට හිමි නැති බලයක් අරගෙන කන්ටේනර් 323ක් නිදහස් කිරීම තුළ බිමල් රත්නායක සම්පූර්ණයෙන් “දූෂණය” නමැති වරදට සම්බන්ධ වෙනවා. සමහර වෙලාවට අපි හිතමු නම දාලා තියෙන්නෙ රෙදි කියලා කන්ටේනර් එකේ, හැබැයි එළියට එන්නෙ වාහන වෙන්න පුළුවන්. ඒ නිසා එතනින් සිද්ධ වුණු බදු ආදායම අහිමි වීමට “දූෂණය” කියන වරද යටතේ සම්පූර්ණයෙන් බිමල් රත්නායක වගකියන්න ඕනෙ අනාගතයේ. දැන් එයාට ඒක කරන්න බැරිවුණොත් අපි අනාගතයේදී ඔහුට ඒ වරදට අවශ්‍ය කරන නඩු කටයුතු ටික අනිවාර්යයෙන්ම පවරනවා”

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පෙරේදා (ජුනි 09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

චීන ජනපති සහ රුසියානු අගමැති අතර හමුවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු අග්‍රාමාත්‍ය Mikhail...