චාබාද් මධ්‍යස්ථාන වෙත පැය 24 පුරා ආරක්ෂාව!

Date:

කොළඹ LNW:මෙරට රැඳීසිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට ආරක්ෂාව ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ.

ඒ අනුව මේ පිළිබඳව නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පොලිස් වසම් කිහිපයක් තුළ ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථානවලට පවතින තර්ජනයන්ට සාපේක්ෂව අදාළ මේ වනවිට පැය 24 පුරාම ආවරණය වනපරිදි ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

තවද දිවයිනේ රැඳීසිටින කවර හෝ විදේශීය ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් තර්ජනයක් පවතී නම් ඒ සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව සැපයීමටද ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කිරීමට සූදානමින් පසුවෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...