කොළඹ නගරාධිපති පොරේ අවසන්. බලය අපේ අතේ. බලන්න මොකද වෙන්නේ කියල – වටගල

Date:

කොළඹ LNW: කොළඹ නගරාධිපති පුටුව වෙනුවෙන් විපක්ෂය දුන් මාරාන්තික සටන අවසන් වී තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසුවේය.

කොළඹ මහ නගර සභාවේ රස දන්නා හෙයින් ජන්දයෙන් පරාද වී සිටියදීත් ජන වරම විකෘති කර ඇතුළට රිංගීමට උත්සහ කළද විපක්ෂයේ එම උත්සාහය මේ වන විට පරද අකර තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව කොළඹ මහ නගර සභාව තනි ආයතනයක ලෙස අමාත්‍යාංශය කිහිපයකට වඩා වැඩි ආදායමක් උපයන අතර ප්‍රථම වරට එම අදායම පෙරළා ජනතාවට අදායමක් ලෙස ජාතික ජන බලවේගයේ නගරාධිපතිනි යටතේ ලැබීමට නියමිත බවයි වටගල මහතා අවධාරණය කළේ.

”මෙතෙක් කල් කරේම හොරා කාපු එක. ඇයි මේ පොරේ? ජන්දෙන් පැරදිලත් පොරේ. මේකේ රස දන්නවා ඒගොල්ලෝ. මේකේ වෙනත් වෙනත් නම් වලින් සමාගම් හදාගත්තු කට්ටිය මාරාන්තික ගේමක් ඊයේ වෙනකම් දුන්නා. මේකට ඇතුල් වෙන්න ජනවරම විකෘති කරලා. අපිට පැහැදිලි ජනවරමක් දීලා තියෙනවා. ඒ ජනවරම ඇතුලේ අපියි එන්න ඕනේ. හැබැයි ඒක විකෘති කරලා ඇවිත් ආදායම් හොයාගන්න කට්ටිය පහුගිය කාලේ ට්‍රයි කළා. ඊයේ වෙනකොට ඒ සටන කෙළවිලා ගිහින්.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (10) මරදාන ප්‍රදේශයේ නිරීක්ෂණයට එක්වෙමිනි. ඊට ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස නම් කර සිටින ව්‍රායි කැලී බල්තසාර් මහත්මියද එක්විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...