ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයාත් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිස අද (15) උදෑසන 08.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.