පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කරයි – දියවන්නා ඔයේත් මුර සංචාර

Date:

පාර්ලිමේන්තු රැස්වීම් හෙට දිනයේදී යළිත් ආරම්භවීමට නියමිතය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වීමෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව රැස්වන අතර ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාමට නම් හෙට දිනයේදී ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට සිදු වේ.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිටත් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය සඳහා දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රදේශයට මීට පෙර යොදවා තිබූ ආරක්ෂාව දෙගුණයකින් වැඩිකර ඇති බව වාර්තා වේ.

ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදී තීන්දු කිහිපයකට එළඹ තිබෙනවා. ඒ අනුව පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාවද පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් කැඳවා ඇති අතර බුද්ධි අංශ නිරීක්ෂණ කටයුතුද පුළුල් කර තිබෙනවා.

මීට අමතරව දියවන්නා ඔයේ නාවික මුර සංචාර සිදු කිරීමටද නියමිතය.

ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ දිනයේදී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාද පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් ඇති අතර ආරක්ෂක කටයුතුවලට අදාලව උපදෙස් ලබා දී තිබෙනවා.

හෙට සිට දින 04 ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වේ. එම දින 04 තුළම උපරිම ආරක්ෂාවක් සැපයීමට ආරක්ෂක අංශ සූදානමින් සිටී.

මීට පෙර පාර්ලිමේන්තු සතියේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව ගණනාවක සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු වටරවුම අසල දැවැන්ත විරෝධතාවයක් පැවති අතර ඔවුන් ප්‍රකාශ කළේ යළි පාර්ලිමේන්තු රැස්වීම් අරඹන දිනයේදී යළිත් විරෝධතා ආරම්භ කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...