ලාල් බබා ….

Date:

විපක්ෂ භූමිකාවෙන් අයින් වෙලා දැන් ආණ්ඩුකරණ භූමිකාවේ ඉන්න ලාල් කාන්ත හැමදාම වගේ ආයිත් පෙරළිකාර කතාවක් කියල. ඒ තමයි උපාධිධාරීන්ගෙන් රාජ්‍ය සේවය පුරවන්නේ නැහැ කියන කතාව.

හැබැයි මේ කතාව නම් ලාල් කියන්නේ බබා පාට් එක අරගෙන. මෙච්චර කල් තමන් හිටපු දේශපාලන ස්ථාවරය සහ අදහස සහ සටන ‘රාජ්‍යකරණය’ නිසා පාවාදුන්න එක වෙනම දෙයක් උනත් ලාල්ල ඇතුළු ජවිපේ මේක දැනගෙන හිටියේ නැති දෙයක් නෙවෙයි.

දන්නවා උනත් ඒක දේශපාලනික අවියක් විදියට දිගටම අරන් ගියා. අන්තිමට තමන්ටම ඒක මුණගැසෙන තැන දක්වා.

සම්ප්‍රදායික උපාධි නොවන වෙනත් රැකියා අභිමුඛ උපාධි සහිත පාඨමාලා (job oriented courses) ලංකාවේ විශ්ව විද්යාල අත්හදා බලමින් ඉන්නේ දැන් දශක තුනක් තිස්සේ විතර ඉඳල.

විශ්ව විද්‍යාල සිසුන් රජයේ රස්සාවලට අනිවාර්යයෙන් අනුගත කරගන්න අවශ්‍ය නැති විදියට සහ තමන්ගේම ව්‍යවසායක් කරගන්න පුළුවන් විදියට සහ රටේ ආර්ථිකය පුළුල් වෙන්නේ නැති නිසා විශේෂයෙන් කලා උපාධි සිසුන් වෙනත් රැකියා සඳහා පුහුණු කරන්න ගත්තේ අනූව දශකයේ අනුබද්ධ විශ්ව විද්‍යාල හදපු දවසේ ඉඳල. ඒක කලේ ප්‍රේමදාස දාපු තරුණ අසහන කොමිසම එක්ක.

එදා ඉඳන් ලෝක බැංකු ආධාර සහිතව හරි රහිතව හරි මේ වැඩේ දිගටම ගියා. ඒ නිසාම රැකියා විරහිත උපාධිධාරීන් කියන විරෝධතා සමාජ කොටස ලංකාවේ නැතුව ගියා.

ඒ බව ලාල්ල දන්නවා. අනුරලත් දන්නවා. එහෙම දැනුවත් උනත් ඒ ගැන වචනයක්වත් කතා කළේ නැහැ. ඒවා ප්‍රවර්ධනය කලෙත් නැහැ. පුළුවන් තරම් ඒවාට අකුල්හෙලුවා සහ තමන්ගේ වාසියට ඒවා හරවාගත්තා මිසක්.

දැන් බබා වෙනවා ….

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...