සටහන: සශිකලා මධුෂාණි
ජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට ඉරාකයේ අභාවප්‍රාප්ත ඒකාධිපති පාලක සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවිය හැකි බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කර තිබේ.
කැට්ස් ටෙල් අවිව් හි ඊයේ(16)දිනයේදී පැවති ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල හමුදා නිලධාරීන්ගේ රැස්වීමකදී මේ බව ප්‍රකාශ කර තිබු අතර ඊශ්‍රායල පුරවැසියන්ට මිසයිල ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන යන අසල්වැසි ඒකාධිපතියෙකුගේ ඉරණම කුමක්දැයි ඔහු මතක තබා ගත යුතු බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණ.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරියෙකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, ඊශ්‍රායලයට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විනාශ කිරීමට මේ වන විට අවස්තාව සැලසී ඇතිමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා විරුද්ධව ඇති බවයි.
උත්තරීතර නායකයා ලෙස, කමේනි ඉරාන ඉස්ලාමීය ජනරජයේ බලවත්ම දේශපාලන අධිකාරිය වේ. ඔහු ඉරානයේ රාජ්‍ය නායකයා වන අතර එහි සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරියා ද වේ.
ඉරානයේ ආර්ථිකය, පරිසරය, විදේශ ප්‍රතිපත්තිය සහ ජාතික සැලසුම්කරණය පිළිබඳ රජයේ ප්‍රධාන ප්‍රතිපත්ති පිළිබඳ නියෝග නිකුත් කිරීමට සහ අවසාන තීරණ ගැනීමට ඔහුට හැකියාව ලැබෙන අතර උත්තරීතර නායකයා ලෙස, කමේනිට රජයේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ශාඛා මෙන්ම හමුදාව සහ මාධ්‍ය කෙරෙහි සෘජු පාලනයක් ඇත.

1979 සිට 2003 දී බලයෙන් පහ කරන තෙක් ඉරාකයේ ජනාධිපති ධුරය දැරූ සදාම් හුසේන් 1991 දී ඊශ්‍රායලයට එරෙහිව මිසයිල ව්‍යාපාරයක් දියත් කරමින් ඇරඹි යුද්ධය මාසයකට වඩා වැඩි කාලයක් පැවතිණි. ඊට ප්‍රතිචාර වශයෙන් 2003 දී එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු, සදාම් ඉක්මනින් අල්ලා ගනු ලැබූ අතර, නඩු විභාගයට භාජනය කර එල්ලා මැරීමට මරණ දඬුවම නියම කරන ලදී.