ගෝඨාගෝගම චිත්‍රාගාරය ලස්සන වෙන්නෙ එතැනට එකතු වෙන මිනිස්සු කැන්වස් මත,කොළ මත අතුරන වර්ණවලින් පමණක් නෙමෙයි.මිනිස්සුන්ගේ චර්යාවන්වල වර්ණත් හරියට චිත්‍රාගාරය විචිත්‍ර කරනවා.
වැඩිහිටි සහ ළමා කියා වෙනස් නොවුණ හැමෝම තමන්ගෙ හැඟීම මෙහි වර්ණ අතර අතුරන්න උත්සාහ කරනවා වගේම වර්ණ ගැන්වෙන ඒ චිත්‍ර දිහා භාවනායෝගීව බලා ඉන්න බාල මහළු රසවන්තයන්ගේ පරම්පරාවේ අනන්‍යතාවයත් එහි ගැබ් වෙනවා.වෙසක් දා රාත්‍රිය ච්‍රිතාගාරය හරියට කාර්යබහුල වුණා.විශේෂයෙන්ම ලස්සන අළු කරපු ඒ බිමට ආදරය දෙන්න ආපු මිනිස්සු දුක සැප බෙදා ගත්තා.වැළඳගත්තා.සමහරු අලුත්වෙන චිත්‍රාගාරයේ චිත්‍ර ඇන්දා.සමහරු බලාගෙන හිටියා.
මේ ඇදීම සහ බැලීම අතර පරම්පරා කතාවක් කියන ඡායාරූප කිහිපයක්.එක චිත්‍රයක් නිර්මාණය වෙන්නෙ අනුර දහනායක කියන කලා ශිල්පියා අතින්.ඒ දෙස බලා ඉන්න පිරිවර අස්සෙ හිරිපොද වැස්සත් නොතකා කුඩයක් අස්සට වෙලා බලා ඉන්න පුංචි පැටව් දෙන්නෙක් තමයි අනුරගෙ චිත්‍රයත් එක්ක දකින්න ලැබෙන්නෙ.
අනිත් චිත්‍රයෙ ඉන්නෙ සිහල කියන පුංචි පුතා.රාත්‍රියෙ මහා විශාල පිරිසක් ඔහු සිය රූපමය ප්‍රකාශය අස්සෙ රඳව ගන්නවා.අවුරුදු දහයක් වයසැති සිහලගෙ චිත්‍රය ඔහු,ඔහු වටා ඉන්න මහා පිරිස සම්පූර්ණයෙන් අවධානයෙන් ඈත තියලා අදින සිතුවම එක්ක දැහැන්ගත වීමම සරලව දැනෙන වචනයෙන් කිව්වොත් “මාර දෙයක්”
අනුර ගේ සහ සිහලගේ චිත්‍ර හරහා පරම්පරා දෙකක ප්‍රකාශයක් වගේම ඒ වර්ණවලට,රේඛාවලට මිනිස්සු දක්වන ආදරයටත් ලොකු පොඩි කමක් නැති බව දැනෙනවා.ගෝඨාගෝගම සංස්කෘතිය මේ විදිහට කියවගන්න පුළුවන්,පරම්පරා වෙනස්කම්,සමානකම් ආදරය බැදීම් සම්බන්ධ ප්‍රකාශ බොහෝමයක් තියෙනවා.ඒ බැදීම් සහ ආදරය තමයි නිරායුධව ගෝඨාගෝගම ගම් වැසියන් පාර මැද මැරයන්ගෙ රුදුරු ප්‍රහාරවලින් අතපය බිඳගෙන,හිස් පොඩි කරගෙන බිම වැටෙද්දි රටේ මිනිස්සුන්ගෙ ආවේග ඇවිස්සුවෙ.
RM