ජාතික ජන බලවේගය ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය සමග එක්ව ප්‍රාදේශීය සභා දෙකක බලය පිහිටුවා තිබේ.
ඒ අනුව, ඊයේ (17) දිනයේදී හැටන්, කොටගල ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපති රාජමනී ප්‍රසාන්ත් මහතා විවෘත ඡන්දයකින් තේරී පත් වු අතර, එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජේසුදාසන් යහුලමාරි මහත්මිය පත්වී ඇත.
එමෙන්ම තලවාකැලේ ළිඳුල ප්‍රාදේශීය සභාවේ නව සභාපති වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමූර්ති රතිදේවි මහත්මිය විවෘත ඡන්ද 08කින් තේරී පත් වු අතර, එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ අල්ලිමුත්තු ප්‍රදීප් දිනේශර් මහතා පත්වී ඇති බවත් වාර්තා වේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව එම පක්ෂයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (16) හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදි එක් වු අතර, එම රැස්වීමේදි ලංකා කම්කරු කොංග්‍රසට කුකුලා සලකුණින් තරගකර නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, යන දිස්ත්‍රික්කවලට සහ දෙණියාය කොටපොල ප්‍රාදේශීය සභාව සදහා තේරි පත්වූ සභිකයන්ගේ සහයෝගය ජාතික ජන බලවේගයට ලබා දීමටත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොටගල, ආගරපතන, නුවරඑලිය සහ නෝර්වුඩ් යන ප්‍රාදේශීය සභාවල සභාපතිධූරය ලංකා කම්කරු කොංග්‍රසයටත් උප සභාපතිධුරය ජාතික ජන බලවේගයට ලබා ගැනීමට තීරණය කර ඇති බව සඳහන්.
