සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසකගෙන් ජනතාවට පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW :

හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි සිද්ධීන් නැවත රටතුළ ඇතිවීමට ඉඩ නොතබන බව අද(20) පාර්ලිමේන්තුවේදි යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

ඖෂධ කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුුකම් දියුණු කිරීමට රජය කටයුතුකරගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයාා සඳහන් කළ අතර, කළාප වශයෙන් ඖෂධ කර්මාන්තය දියුණු කරන බවද බිංගිරිය කළාපය එසේ හඳුනාගත් කළාපයක් බවද මේවන විට එහි ආයෝජනය කිරීමට ආයෝජකයින් රැසක් සූදානම් බවද කීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

“ඖෂධ මෙරටට ගෙන්වීමේදී යම් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ සෑම ඖෂධයක්ම පරීක්ෂණාගාරවලදී පරීක්ෂා කරල තමයි ගන්නේ. නිවැරදි ක්‍රමවේදයෙන් බැහැරව ගිය නිසා තමයි හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි ගැටලු ඇති වී තිබෙන්නේ. මෙවැනි සිද්ධීන් ඉදිරියේදී ඇති වීමට ඉඩ තබන්නේ නැහැ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්

කොළඹදී පැවති ආගමික හා සමාජීය සමුළුවක් අමතමින් හිටපු අගවිනිසුරු...

ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලශක්ති පීඩනය හමුවේ වියදම් කැපකිරීම හැර වෙනත් විකල්පයක් නෑ – IMF

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW : ඉරාන යුද්ධය හේතුවෙන්...

ඥානසාර හිමිගේ චීවරය ඉවත්කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කෙරේ!

කොළඹ LNW:සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ...

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...